පාසලේ දක්ෂතම සිසුවා සහ අදක්ෂ සිසුවා පිළිබඳ වාර්ථා වැඩසටහනක්. ඉහළම ලකුණු සහිත පන්තියේ දක්ෂම සිසුවිය කුක් යොන් සූ. ඇය තමා ගැන පමණක් සිතන ආත්මාර්තකාමී අයෙකු ලෙස ප්‍රසිද්ධය. පන්තියේ අවම ලකුණු සහිත චෝයි උං නිදහසේ සිටීමට කැමති චිත්‍ර ඇඳීමට දක්ෂ අයෙකි. වාර්ථා චිත්‍රපටය වෙනුවෙන් මොවුන් දෙදෙනාගේ පාසල තුළ සහ දෛනික ජීවිතය පිළිබඳ දින ගණනාවක් රූපගත කිරීම් සිදුකරයි. එකිනෙකාව නොරුස්සන නිතර ඇති කර ගන්නා ගැටුම් වාද විවාදවලින් මේ රූගත කිරීම් සමන්විත වේ. එහෙත් රූගත කිරීම් අවසන්වන විට මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්වේ. වාර්ථා චිත්‍රපටයට නරඹන්නන්ගෙන් ඊට ඉහළ ප්‍රතිචාර හිමිවේ. වසර පහකට පසු යොන්වූ විසින් දෙදෙනාගේ පෙම් සබඳතාවය නවත්වන අතර ඔවුන් නැවත එකිනෙකා හමුනොවීමට තීරණය කරයි.
වසර දහයකට පසු ඔවුන් දෙදෙනා තම තමන් තෝරාගත් මාර්ගවල ගමන් කරමින් සිටින අතර යොන් සූ විසින් සිදුකරන ව්‍යාපෘතියකට අදාළව අන්වර්ථ නාමයකින් සිටින ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු හමුවීමට සිදුවේ. එම චිත්‍රශිල්පියා චෝයි උං වේ. වසර ගණනකට පසු යොන්සූ තමා සොයාගෙන පැමිණි විට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද? ඔවුන් දෙදෙනාගේ නැවත හමුවීම කෙබඳු වේවිද? වසර දහයකට පෙර සිදුකළ වාර්ථා චිත්‍රපටයේ දෙවන කොටස නැවතත් සිදුකිරීමට ඔවුන් දෙදෙනාට සිදුවුවහොත්??
Romantic සහ Comedy ශානරයට අයත්වන මෙම ටෙලිනාට්‍ය 2021 වසරේ SBS නාළිකාව හරහා විකාශය විය. Kim Yoon Jin විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය කොටස් 16කින් සමන්විත වේ. Kim Dal Mi විසින් Kook Yeon Soo ලෙසත් Choi Woo Shik විසින් Choi Ung ලෙසත් Kim Sung Ceol විසින් Kim Ji Ung ලෙසත් Roh Jeong Eui විසින් NJ ලෙසත් රංගනයෙන් එකතු වේ.
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ...
-සචිනි ඉමල්ෂා-
Main OST by Kim Tae Hyung (V)




.png)






