Wednesday, May 31, 2023

The Glory😈

 


පාසල් කාලයේ තමාට හිරිහැර කළ ඇය ඇතුළු මිතුරන්ගෙන් පළිගැනීම තම ජීවිතයේ ප්‍රධාන අරමුණ කරගත් ඈ....

          Moon Dong Eun හට පාසල් කාලයේදී Yeon Jin හා ඇගේ මිතුරන් විසින් හිරිහැර කරන අතර Moon Dong Eun වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. ඇයගේ මව හෝ පාසල ඇගේ සාධාරණය  වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. මේ අමිහිරි පාසල් අද්දැකීම්  ඇගේ සිතේ මෙන් ම ශරීරයේ ද මතක සටහන් ඉතිරි කරන අතර යොන් ජින් සහ ඇගේ මිතුරන්ගෙන් පළිගැනීම ඇගේ ජීවිතයේ එක ම අරමුණ කරගනියි.

           කාලයත් සමඟ ඇය තම පළිගැනීම වෙනුවෙන් ජීවිතය ම වැය කරන අතර Yeon Jin හා මිතුරන්  තමන් පාසල් කාලය තුළ සිදුකළ දේ පිළිබඳ කිසිඳු පසුතැවීමකින් තොරව සැපවත් ජීවිත ගත කරයි. Moon Dong Eun කාලයක් තිස්සේ සැළසුම් කළ පළිගැනීම ඇය ක්‍රමයෙන් ක්‍රියාත්මක කරන අතර පළිගැනීම, පාවාදීම්, මිත්‍රත්වය මැද කතාව ගලාගෙන යයි. මොහොතින් මොහොත වෙනස් වන මිනිස් සිතුවිලිවල ස්වභාවය, ධනය බලය නිසා සාධාරණය යටපත්වන ආකාරය, කුතුහලය සමඟින් පළිගැනීමේ අවසානය දැනගැනීමට අමතක නොකර The Glory නරඹන්න.



The Glory කොරියානු කතා මාලාව Ahn Gil Ho ගේ අධ්‍යක්ෂණයක්වන අතර 2022 වසරේ පළමු කතාමාලාවත් 2023 වසරේ දෙවන කතා මාලාවත් Netflix හරහා විකාශය විය. සම්පූර්ණ  කොටස් 16කින් සමන්විත කතා මාලාව Ravenge සහ Triller යටතට අයත් වේ.


     

Song Hey Kyo විසින් Moon Dong Eun ලෙසත් Lim Ji Yeon විසින් Park Yeon Jin ලෙසත් Lee Do Hyun විසින් Joo Yeo Jeong ලෙසත් රංගනයෙන් දායකවන අතර, Cha Joo Young, Jung Sung Il, Park Sung Hoon,  Kim Hieora සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වේ. 2023 වර්ෂයේ පැවැත්වූ 59වන Baeksang සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ හොඳම සහය නිළිය සම්මාන මේ සඳහා හිමිවිය.

 එසේ නම් පළිගැනීම ජීවිතයේ අරමුණ කරගත් ඇගේ කතාව ඔබත් අමතක නොකර රසවිදින්න.


තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....

                                                       -සචිනි ඉමල්ෂා-


Tuesday, May 30, 2023

Squid Game 💰



                    ණය බරෙන් පීඩිතව සිටින Gi Hun හට උමං   දුම්‍ රිය    මාර් ගයේදී    මුණගැසෙන ආගන්තුකයෙක් විසින්  වොන් බිලියන ගණනක මුදලක් දිනා ගැනීමට හැකි ක්‍රීඩාවක් සඳහා ඇරයුම් කරනු ලබයි. ණය බරින් හෙම්බත් වී සිටින ඔහු මේ අපූරු අවස්ථාව ලබා ගන්නා අතර ඔහු ඇතුළු තවත් තරඟකරුවන් 456ක් මේ ක්‍රීඩාවට සහබාගී වේ. සැබෑ ලෝකයෙන් සැඟවී සිදු කරන මෙම ක්‍රීඩාව සිතූ තරම් සුන්දර නොමැති බව පළමු තරඟයෙන් ම තරඟකරුවන් විසින් වටහාගනු ලබයි. තම ජීවිතය බිල්ලට තබමින් සිදු කරන මෙම ක්‍රීඩා සඳහා සහභාගීවන පිරිස ක්‍රමයෙන් තම ජීවිතවලින් වන්දි ගෙවන්නේ ක්‍රීඩාවේ ඇති භයානකකම පෙන්වමින්. Gi Hun උපක්‍රමශීලීව ක්‍රීඩාවේ ඉදිරියට ගමන් කරන අතර මිත්‍රත්වය, විශ්වාසය, අවංකකම, පාවාදීම්,  ආත්මාර් ථකාමීත්වය   වැනි මිනිසාගේ සැබෑ ස්වරූපය පෙන්වමින් කතාව ඉදිරියට ගලා යයි.



          Netflix හරහා 2021 වසරේ විකාශය කළ Squid Game කොරියානු ප්‍රේක්ෂකයන් පමණක් නොව ලෝකය පුරාම ප්‍රේක්ෂකයන් වැළඳගත් ටෙලිසිත්තමකි. කොටස් නවයකින් යුක්ත කතාංගය Hwang Dong Hyukගේ අධ්‍යක්ෂණයකි. Netflixහි වැඩිම නැරඹුම් සහිත කතාමාලාව බවට පත්වීමට හැකිවූ මෙම කතා මාලාව රටවල් ගණනාවකම නැරඹුම් වාර් තා  තුළ පළමු තැනට පත් වීමට සමත් විය. Thriller, Horror, Action යටතට අයත්වන කතාමාලාව තුළ Lee Jung Jae, Ho Yeon Jung, Gong Yoo, Wi Ha Joon, Lee Yoo Mi, Park Hae Soo, O Yeong Su  රංගනයෙන් දායක වේ.

වසර ගණනාවක් ප්‍රතික්ෂේප වූ කතා තේමාවක් වුව ද අවසානයේ ලෝකයම වැළඳගත් Squid Game ඔබට වෙනස් ම රසයක් ලබා දෙනු ඇත.

තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....

                                                                         - සචිනි ඉමල්ෂා-

Monday, May 29, 2023

Autumn in My Heart 🍁





 

             Eun Seo සහ Joon Seo ධනවත් පවුලක අයියා සහ නංගී ලෙස දැඩි ලෙන්ගතුකමකින් යුතුව හැදී වැඩෙන අතර ඔවුන් යොවුන් වියට එළඹී සිටින අවස්ථාවකදී නැගනිය වන Eun Seo අනතුරකට මුහුණ දෙයි. එහිදී ඇයව රෝහල් ගත කළ අවස්තාවේ දී ඇය ඇගේ දෙමාපියන්ගේ ජීවවිද්‍යාත්මක දරුවා නොවන බව හෙළි වේ. ඔවුන්ගේ ජීවවිද්‍යාත්ම දරුවා අවන්හලක් පවත්වාගෙන යන කාන්තාවකගේ දරුවා ලෙසින් හැදී වැඩෙන අතර දරුවන් දෙදෙනා සත්‍ය දැනගත් පසු Eun Seo සැබෑ මව වෙතට යන අතර අනෙක් දරුවා සහ Joon Seo සමඟ පවුල විදේශ ගත වේ. තරුණ වියට එළඹීමත් සමඟ ඔවුන්ගේ නැවත හමුවීම, ඔවුන් අතර සිදුවී ඇති වෙනස්කම්, ආදරය, හිමිවීම්, අහිමිවීම් ඔස්සේ කතාව ගලාගෙන යයි. කතාවේ සංවේදී අවසානයත් සමඟින්  ප්‍රේක්ෂකයා හට අමතක නොවන රූපවාහිනී අද්දැකීමක් හිමිවේ. 




             Autumn in My Heart  කොරියානු ටෙලි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ නොමැකෙන සටහන් තැබූ නිර් මාණයකි. 2000 වසරේ KBS නාලිකාව ඔස්සේ විකාශය වූ  මෙම ටෙලි සිත්තම Yoon Seok Hoගේ අධ්‍යක්ෂණයකි. මිනිත්තු 60ක කොටස් 16ක් පුරා දිවයන කතාව Melodrama සහ Romance යටතට අයත් වේ. මෙම ටෙලි සිත්තම කොරියාව තුළ මෙන් ම කොරියාවෙන් පිටත ද කොරියානු ටෙලිනාට්‍ය රැල්ලක් ඇති කිරීමට දායක වූ නිර් මාණයකි. 

         Song Hye Kyo විසින් Eun seo ලෙසත් Song Seung Heon විසින් Joon Seo  ලෙසත් Won Bin විසින් Han  Tae Seok ලෙසත් රංගනයෙන් දායක වේ. මෙම ටෙලිසිත්තම Baeksang සහ KSB සම්මාන උළෙලවල් තුළ හොඳම සහ ජනප්‍රිය සම්මාන හිමි කර ගැනීමට සමත් විය.

සංවේදී ආදරණීය ඔබේ හදවතත්  සරත් සෘතුවේ ආදරණීය ම ටෙලිසිත්තමට විවර කරන්න

තවත් ටෙලි සිත්තමකින් හමුවෙමු ...


                                                                                        -සචිනි ඉමල්ෂා-🖋

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...