Saturday, June 24, 2023

🎧OST🎶 (Moon Lovers)

 





                                                    Moon Lovers 🌙


තරු දහසක් මැද

සඳ නොමැතිව 

අඳුරු වූ අහසට

පෑයූ සඳවතිය ...

හැම තරුවකට ම

ආදරය ඉගැන්වූ

සඳවතිය ...

අහසට

හිනාවෙන්න ඉගැන්වූ

සඳවතිය ...

සැමට රහසින්

අහසටත් නොකියා

බැසගිය

සඳවතිය ...

නැවත පායනතුරු

බලාහිඳිමි

සඳවතිය ...


-සචිනි ඉමල්ෂා-

Happiness 🧟‍♂️

      

                    

              නිව්මෝනියා රෝගය වෙනුවෙන් සැකසූ ඖෂධයක් අසාර්ථක වීමෙන් එම ඖෂධ ලබා ගත් මිනිසුන් විකෘති රෝගී තත්වයකට මුහුණ දේ. රෝගය වැළඳුණු මිනිසුන් අනෙකුත් මිනිසුන්ව සපාකමින් විකෘති හැසිරීම් පෙන්වන අතර සපාකෑමට ලක්වූ පුද්ගලයන් ද රෝගයේ ආසාදිතයින් බවට පත් වේ.ඖෂධයක් සොයා ගැනීමට නොහැකිව වසංගතයක් ලෙස පැතිරී යන රෝගය නිසා රට ම භීතියට පත් වේ. 
       පොලිස් නිළදාරිනියක වන සේ බොම් රෝගය ආසාදනය වූ මිතුරෙකුගේ ප්‍රහාරයකට ලක් වූවත් ඇයට රෝගය වැළඳෙන්නේ නැත. ඇය රෝගයට ප්‍රතිරෝධී අයෙකු බව හඳුනා ගනියි. මේ අතර ඇයට නව නිවසක් ලබා ගැනීමේදී කොන්දේසියක් ලෙස විවාහා වීමට සිදුවේ. ඇය හා ව්‍යාජ විවාහයක් සිදුකිරීමට ඇගේ පාසල් මිතුරෙකුවන යි හ්‍යුන් කැමති වේ. දෙදෙනා විවාහා වී නිවාස සංකීර්ණයක නව නිවසේ පදිංචියට පැමිණේ.

                  


           එහෙත් නොසිතූ අයුරින් නිවාස සංකීර්ණය අවට රෝගය පැතිරී යන අතර ඔවුන්ට නිවාස සංකීර්ණය තුළ  සිරවීමට සිදුවේ. නිවාස සංකීර්ණයේ අනෙකුත් නිවැසියන් සමඟින්  රෝගය වැළඳී විකෘති ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීමට ඔවුන්ට සිදුවේ. රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ටත් වඩා  නිවාස සංකීර්ණයේ වාසය කරන අනෙකුත් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීම අපහසු බව ඔවුන්ට වැටහේ.

මේ විවිධාකාර මිනිසුන් සමඟ ගනුදෙනු කරමින් වසංගත රෝගයට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට හැකිවේවිද?

                  



      මෙය 2021 වසරේ TvN , ViKi සහ Netflix හරහා විකාශය විය. Ye Won Wunගේ අධ්‍යක්ෂණයක් වන අතර කොටස් 12කින් සමන්විත වේ. මෙය Triller ගණයට අයත් වේ.
      Han Hyo Joo විසින් Yoon Sae Bom ලෙසත් Park Hyung Sik විසින් Jung Yi Hyun ලෙසත් රංගනයෙන් දායකවන අතර Oh Ju Hyung, Joo Jong Hyuk, Na Soo Min, Ju Seung Lee, Ye Won Wun සෙසු චරිත සඳහා රංගනයෙන් එකතු වේ.

තවත් තොරතුරු සඳහා 


තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු... 

                                       -සචිනි ඉමල්ෂා- 

Tuesday, June 20, 2023

The King's Affection 👑


තම හැඟීම් සඟවාගෙන පුරුෂ වෙස්ගෙන රාජ්‍යයේ වගකීම් දරන ඇය...

      රාජ්‍යයේ කිරුළ හිමි කුමරිය විසින් නිවුන් දරුවන් බිහිකරන අතර එය අසුබ නිමිත්තක් වශයෙන් සළකයි. එබැවින් ගැහැනු දරුවා මරා දැමීමට තීරණය කරන අතර කුමරියගේ ඉල්ලීම මත ගැහැනු දරුවාව රහසේ මාළිගයෙන් පිට කිරීමට හැකිවේ. වසර කිහිපයකට පසු ඇය නැවතත් සේවිකාවක ලෙසින් මාළිගයට පැමිණේ. එහිදී ඇයගේ නිවුන් සොහොයුරාවන වර්ථමාන කිරුළ හිමි කුමරුට ඇයව හමුවේ. දෙදෙනාගේ සමාන පෙනුම හේතුවෙන් ඇයව කිරුළ හිමි කුමරු ලෙසින් තබා කුමරු මාළිගයෙන් පිටවී යයි. ඒ අවස්ථාවේදී වැරදි වටහා ගැනීමක ප්‍රථිපලයක් ලෙස කුමරුගේ ජීවිතය අහිමි වේ. මෙය දැනගත් ඔවුන්ගේ මව විසින් ගැහැනු දරුවාව කිරුළ හිමි කුමරු ලෙසින් හදාවඩා ගැනීමට තීරණය කරයි. එබැවින් ඇයට මෙතෙක් කලක් ගෙවූ ජීවිතය අතහැර කිරුළ හිමි කුමරු ලෙසින් පුරුෂ ජීවිතයකට ඇතුළු වීමට සිදුවේ.

ඇයට කොපමණ කාලයක් තම රහස රැකගැනීමට හැකිවේවි ද?

නැවතත් ඇය ඉදිරියට එන ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඔහු කෙරෙහි ඇතිවන හැඟීම්වලට කුමක් සිදුවේවිද?

කාන්තාවක් වන ඇය තම විවාහයට කෙසේ මුහුණ දේවිද?

රාජ්‍යයේ වගකීම් සහ බලඅරගල හමුවේ ඇගේ රහස හෙළිවේවිද?


          2021 වර්ෂයේ KBS සහ Netflix හරහා විකාශය වූ මෙම ටෙලිසිත්තම කොටස් 20කින් සමන්විත වේ. මෙය Song Hyun Wookගේ අධ්‍යක්ෂණයක් වන අතර Historical , Romance සහ Fiction ගණයට අයත් වේ. 

      Park Eun Bin විසින් කිරුහිමි කුමරු ලෙසත් Ro Woon විසින් Jung Ji Woon ලෙසත් Choi Byung Chan විසින් Kim Ga On ලෙසත් Nam Yoon Su විසින් Lee Hyun ලෙසත් Jung Chae Yeon විසින් Noh Ha Kyung ලෙසත් රංගනයෙන් එකතුවේ.

තම හැඟීම් සහ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන රාජ්‍යයේ ඉහළම වගකීම දරන ඇයගේ ඉරණම කෙසේ විසඳේවි ද?

තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ...

                                       -සචිනි ඉමල්ෂා- 

Monday, June 19, 2023

Our Blooming Youth 🤴💐

 



අද්භූත ශාපයක අභිරහසක් සමඟ සිටින රාජ්‍යයේ කිරුළ හිමි කුමාරයෙක්...

තම පවුල ඝාතනය කිරීමට වරදකාරිය වී පලා යන ඇය...


         මින් ජේයිගේ විවාහයට දින කිහිපයක් තිබියදී ඇගේ මුළු පවුලම ඝාතනයට ලක් වේ. තම පවුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඇය ඇයගේ විශ්වාසවන්ත මිතුරියගේ උපකාර ඇතිව පලා යන අතර තම පියාගේ අවසාන ඉල්ලීම අනුව රාජ්‍යයේ කිරුළ හිමි ලී හ්වන් කුමරු වෙත පැමිණේ. කුමරු විසින් මින් පෙර සිටි කිරුළ හිමි කුමරු හෙවත් තම වැඩිමහල් සොහොයුරාව ඝාතනය කළ බවට මාළිගාව පුරා කාලයක සිට කටකතා පවතින අතර ශාපයක් සහිත අද්භූත ලිපියක් හේතුවෙන් කුමරු පීඩාවෙන් කාලය ගතකරයි. ලිපියේ අභිරහස විසඳීමට මින්ජේයී භාරගන්නා අතර ඇය තම නිර්දෝශී බව ඔප්පු කිරීමට කුමරුගේ සහය ඉල්ලන අතර නපුංසකයෙක් ලෙසින් කුමරු අසළ රැඳීමට අවසර ඉල්ලයි. ඇය කෙරෙහි එතරම් විශ්වාසයකින් පසු නොවුණත් කුමරු ඇයට තමා අසළ රැඳීමට ඉඩ ලබා දෙයි.




ලිපියේ අභිරහස විසඳීමට මින් ජේයී හට හැකි වේවි ද?

මාළිගයේ බල අරගල හමුවේ කිරුළ හිමි කුමරුගේ ඉරණම කෙසේ විසඳේවි ද?

සැබවින්ම මින් ජේයීගේ පවුල ඝාතනය කළේ කවුද?

ඇයව විවාහා කර ගැනීමට සිටි ඔහු නපුංසකයෙකු ලෙස සැරසී සිටින ඇයව හඳුනාගනීවි ද?

ඇගේ සහ කිරුළ හිමි කුමරුගේ දෛවය ලියැවී ඇත්තේ කෙසේද ?



           2023 වර්ෂයේ TvN හරහා විකාශය වූ Our Blooming Youth ටෙලිකතා මාලාව කොටස් 20කින් සමන්විත වේ. මෙය Lee Jong Jaeගේ අධ්‍යක්ෂණයක් වන අතර Historical, Mystery හා Romance ගණයට අයත් වේ. Park Hyun Sik විසින් Lee Hwan ලෙසත් Jeon So Nee විසින් Min Jae Yi ලෙසත් Pyo Ye Jin විසින් Jang Ga Ram ලෙසත් Yun Joon Seok විසින් Han Sung Oh ලෙසත් Lee Tae Sun විසින් Kim Myung Jin ලෙසත් රංගනයෙන් දායකවන අතර Lee Jong Hyuk, Hong Soo Hyun, Jung Da Eun, Jung Woong In, Heo Won Seo සෙසු චරිත සඳහා රංගනයෙන් එකතුවේ.

බල අරගල හමුවේ අභිරහස් විසඳාගැනීමට උත්සහ කරන ඔවුන්ගේ ඉරණම් කතාව කෙසේ විසඳේවි ද? 


තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු....
                                                                
                                                             -සචිනි ඉමල්ෂා- 

Tuesday, June 13, 2023

Extraordinary Attorney Woo 🐬🐋


         වූ යොන්ග් වූ ඔටිසම් ආබාධයෙන් පෙළෙන අතර ඇයව පියා විසින් තනිව හදාවඩා ගෙන ඇත. ඔටිසම් තත්වය නිසා ඇයට විශිෂ්ට මතකයක් හිමිවී ඇති අතර ඇයට ඉහළින්ම තම උපාධිය සම්පූර්ණ කිරීමට හැකිවේ. එහෙන් සමාජය සමඟ සන්නිවේදනය කිරීමේදී ඇය තුළින් ගැටලුකාරී හැසිරීම් දක්නට ලැබෙයි. ඇය තල්මසුන් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන අතර ඒ පිළිබඳ ඇයට ඇති දැනුම ඇයට හමුවන ඕනෑම අයෙකු සමඟ පැවසීමට මැළි නොවෙයි. ඇයගේ අසලින් සිටිමින් ඇයව ආරක්ෂා කරන හිතෛෂී මිතුරියක් සිටින අතර මිතුරිය නිසා පාසල් කාලයේදී සිදුවූ හිරිහැරවලින් බේරී සිටීමට ඇයට හැකි විය. මිතුරිය අසළ සිටින විට ඇය විනෝදකාමී සහ සුවපහසු ලෙස හැසිරේ.
     
                    

                    

    වූ යොන්ග් වූ නවක නීතීඥවරියක් බවට පත්වූවත් ඇගේ ඔටිසම් තත්වය නිසා ආයතන මගින් ඇයව බඳවා ගැනීමට අකමැත්තක් දක්වයි. ඇගේ පියාගේද උපකාර මත ඇයව හන්බඩ නීති ආයතනයට බඳවා ගන්නා අතර ඇගේ ප්‍රධානියා මුලින් ම ඈ කෙරෙහි අවිශ්වාසයෙන් පසුවේ. එහෙත් ඇය කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් විශිෂ්ට ලෙස නඩු විභාග තුළ කටයුතු කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වේ. ඇයගේ සහයට එක්වන ජූන් හෝ ඇයට වඩාත් සමීපවන අතර ඇය මුහුණ දෙන සමාජ, සන්නිවේදන ගැටලුවලදී ඇයගේ අසලින් ම රැදෙයි. ඇය විසින් සාර්ථක ලෙස විසඳන නඩු කටයුතු රැසක් ම ටෙලිමාලාව තුළ දිග හැරෙයි. විවාහයේදී මංගල ඇඳුමක් ගිලිහී යාම සම්බන්ධ නඩුව, ඔටිසම් රෝගී තරුණයෙකුගේ මියයාමට ඔහුගේ වැඩිමහල් සොහොයුරාට චෝදනා එල්ලවීමේ නඩුව, sodeok dong ගම්වැසියන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට යාමෙන් පීඩාවට පත්වන නඩුව, සහෝදරයන් තිදෙනාගේ දේපළ බෙදාගැනීමේ නඩුව වැනි ආකර්ෂණීය නඩු රැසක් ම ඇය විශිෂ්ට ලෙස හසුරවයි. සංවේදී වෙනස් තේමාවක් ඔස්සේ දිගහැරෙන කතා මාලාව ඔබත් ආදරයෙන් නරඹන්න.
   

    2022 වර්ෂයේ ENA සහ Netflix හරහා විකාශය වූ මෙම කතාමාලාව කොටස් 16ක් සහිතයි. Yoo In Shikගේ අධ්‍යක්ෂණයක් වන මෙය legal drama යටතට අයත් වේ. මෙය Beaksung Art Awardsහි Grand Prize සහ Best Director සම්මාන දිනාගැනීමට සමත්විය.
       Park Eun Bin විසින් Woo Young Woo ලෙසත් Kang Tae Oh විසින් Joon Ho ලෙසත් රංගනයෙන් දායකවන අතර Kang Ki Young, Ha Yoon Kyung, Joon Hyun Young, Joon Jung Hyuk, Jin Kyung අනෙකුත් චරිත සඳහා රංගනයෙන් එකතු වේ.

තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....
                                                                    -සචිනි ඉමල්ෂා- 

Monday, June 12, 2023

🎧OST 🎶 ( Extraordinary Attorney Woo )

  

                     🐋🐬 Extraordinary Attorney   Woo🐬🐋


🎶🎶🎶🎶🎶🎶






Vincenzo 🕶️

 


        වින්සෙන්සෝ යනු කුඩා කල ඉතාලි ජාතික පවුලක් විසින් හදාවඩාගත් කොරියානු දරුවෙකි. මෙම ඉතාලි පවුල මාෆෆියාවට සම්බන්ධ පවුලක්වන අතර පවුලේ පියාගේ මියයාමත් සමඟ ඔහුගේ පුතෙකු වන පාවුලෝ පවුලේ නායකත්වයට පත්වේ. ඔහුගෙන් වින්සෙන්සෝ හට ජීවිත තර්ජන එල්ල වීම හමුවේ වින්සෙන්සෝ කොරියාවට පලායයි. 



            එහිදී නීතිවිරෝධී රත්‍රන් සඟවා ඇති කුලී නිවාස සහිත ගොඩනැගිල්ලක් කෙරෙහි ඔහුගේ අවදානය යොමුවේ. බාබෙල් නම් වූ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් මෙම ගොඩනැගිල්ලේ නිවැසියන් ඉවත්කර කඩා දැමීමට උත්සහ කරන අතර වින්සෙන්සෝ හා නීතීඥවරියක් වන චා යොන් එක් වී එය වැළැක්වීමට කටයුතු කරයි. ඒ අනුව වින්සෙන්සෝ හට ගොඩනැගිල්ලේ වැසියන්ගේ සහය හා විශ්වාසය හිමි වේ. මේ අතර ඔහු සඟවා ඇති රත්‍රන් ලබා ගැනීමට රහසිගතව උත්සහා කරන අතර බාබෙල් සමාගම හා ඉතාලි මාෆියාව සමඟ ද ගැටෙමින් කටයුතු කරයි. ගොඩනැගිල්ලේ නිවැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සහ කරන ඔහුගේ චරිතයේ කලු සුදු ලක්ෂණ නිරන්තරයෙන් මතු වේ. මිනිසුන් තුළ සැඟව ඇති අවස්ථානුකූලව මතුවන කලු සුදු අලු ලක්ෂණ සහිත වින්සෙන්සෝ කතා මාලාව කොරියානු ටෙලි ප්‍රේක්ෂක ඔබට වෙනස් ම ආකාරයේ අද්දැකීමක් ලබා දෙනු ඇත.



            2021 වර්ෂයේ TvN සහ Netflix හරහා විකාශය වූ මෙය Kim Hee Wonගේ අධ්‍යක්ෂණයකි. කොටස් 20ක් සහිත කතා මාලාව 26th Asian Television Awardsහි Best Drama සහ APANහි Grand Prize සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙය Thriller , Crime Drama, Dark Comedy යටතට අයත් වේ.

           Song Joon Ki විසින් වින්සෙන්සෝ ලෙසත් Jee Yeo Been විසින් Hong Cha Young ලෙසත් Ok Taec Yeon විසින් Jung Jun Woo ලෙසත් රංගනයෙන් දායකවන අතර Dong Yeon , Kim Sung Cheol, Kim Yeo Jin, Kim Yoon Hye, Im Chul Soo ඇතුළු පිරිස විසින් සෙසු චරිත සඳහා දායක වේ.


වෙනස් අද්දැකීමක් වෙනුවෙන් නරඹන්න 'වින්සෙන්සෝ' 


තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....


                                                                 -සචිනි ඉමල්ෂා-

Thursday, June 8, 2023

365 Repeat The Year ⏰

 



    ලී ෂින් නම් කාන්තාව විසින් අහඹු ලෙස  තෝරාගත් 10 දෙනෙක්ව දින 365ක් එනම් අවුරුද්දක් අතීතයට රැගෙන  යනු ලබයි. ඇය සමඟ අවුරුද්දක් අතීතයට යන  හැමෝටම ඔවුන්ගේ ඉරණම වෙනස් කරගන්න පුළුවන් .

      ඒ විදිහට අතීතයට යන එක් අයෙක් තමයි  ජී හියුන් ජූ. ඔහු පොලිස් පරීක්ෂකයෙක්. ඔහු අතීතයට යන්නෙ අපරාධකාරයෙක් අතින් මරණයට පත්වුණ හොදම මිතුරාගේ ජීවිතය බේරාගන්න. ඒ වගේ ම  ජනප්‍රිය වෙබ්ටූන්  කතුවරියක්වන ශින් ගා හියුන් අතීතයට යන්නේ  ඇයව රෝදපුටුවකට  සීමා  කළ  රිය  අනතුර වළක්වා  ගන්න. ඉතින් මේ විදිහට මේ 10 දෙනාම  අතීතයට  යන්නෙ   විවිධ   අරමුණු  වෙනුවෙන්. ඒත් නොහිතන  විදිහට  මෙහෙම  අතීතයට ආපු  අය එක්කෙනා  ගානේ  අභිරහස්  ආකාරයට   මිය යන්න පටන්ගන්නවා.  මේ විදිහට තමයි  කතාව ආරම්භ වෙන්නෙ.  මේ මරණවල සැකය විවිධ අවස්ථාවලදී මේ හැමෝම වෙත එල්ලවනවා. සැකය කුතුහලය එක්ක නැරඹිය හැකි වෙනස් ආකාරයේ ටෙලිසිත්තමක් තමයි 365 Repeat the Year.




             2020 වසරේ MBC නාලිකාව ඔස්සේ විකාශය වූ මෙය  Kim Kyung Heeගේ අධ්‍යක්ෂණයක්. කොටස් 24ක් සහිත වන අතර Mystery, Thriller හා Fantasy  ගණයට අයත් වේ.  Lee Joon Hyuk විසින් Ji Hyung Joo ලෙසත් Nam Ji Hyun විසින් Shin Ga Hyun ලෙසත් Kim Ji Soo විසින් Lee Shin ලෙසත් රංගනයෙන් එකතුවන අතර, Lee Si a, Kim Ha Kyung, Ryeoun, Yang Dong Geun, Lee Sung Wook, Do Hee විසින් සෙසු චරිත රඟදක්වනු ලබයි.


අමතක නොකර නරඹන්න. ඔබට වෙනස් අද්දැකීමක් ලබා දෙන ටෙලිසිත්තමක් වේවි.


තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු....

                                                      -සචිනි ඉමල්ෂා-

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...