වින්සෙන්සෝ යනු කුඩා කල ඉතාලි ජාතික පවුලක් විසින් හදාවඩාගත් කොරියානු දරුවෙකි. මෙම ඉතාලි පවුල මාෆෆියාවට සම්බන්ධ පවුලක්වන අතර පවුලේ පියාගේ මියයාමත් සමඟ ඔහුගේ පුතෙකු වන පාවුලෝ පවුලේ නායකත්වයට පත්වේ. ඔහුගෙන් වින්සෙන්සෝ හට ජීවිත තර්ජන එල්ල වීම හමුවේ වින්සෙන්සෝ කොරියාවට පලායයි.
එහිදී නීතිවිරෝධී රත්රන් සඟවා ඇති කුලී නිවාස සහිත ගොඩනැගිල්ලක් කෙරෙහි ඔහුගේ අවදානය යොමුවේ. බාබෙල් නම් වූ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් මෙම ගොඩනැගිල්ලේ නිවැසියන් ඉවත්කර කඩා දැමීමට උත්සහ කරන අතර වින්සෙන්සෝ හා නීතීඥවරියක් වන චා යොන් එක් වී එය වැළැක්වීමට කටයුතු කරයි. ඒ අනුව වින්සෙන්සෝ හට ගොඩනැගිල්ලේ වැසියන්ගේ සහය හා විශ්වාසය හිමි වේ. මේ අතර ඔහු සඟවා ඇති රත්රන් ලබා ගැනීමට රහසිගතව උත්සහා කරන අතර බාබෙල් සමාගම හා ඉතාලි මාෆියාව සමඟ ද ගැටෙමින් කටයුතු කරයි. ගොඩනැගිල්ලේ නිවැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සහ කරන ඔහුගේ චරිතයේ කලු සුදු ලක්ෂණ නිරන්තරයෙන් මතු වේ. මිනිසුන් තුළ සැඟව ඇති අවස්ථානුකූලව මතුවන කලු සුදු අලු ලක්ෂණ සහිත වින්සෙන්සෝ කතා මාලාව කොරියානු ටෙලි ප්රේක්ෂක ඔබට වෙනස් ම ආකාරයේ අද්දැකීමක් ලබා දෙනු ඇත.
2021 වර්ෂයේ TvN සහ Netflix හරහා විකාශය වූ මෙය Kim Hee Wonගේ අධ්යක්ෂණයකි. කොටස් 20ක් සහිත කතා මාලාව 26th Asian Television Awardsහි Best Drama සහ APANහි Grand Prize සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙය Thriller , Crime Drama, Dark Comedy යටතට අයත් වේ.
Song Joon Ki විසින් වින්සෙන්සෝ ලෙසත් Jee Yeo Been විසින් Hong Cha Young ලෙසත් Ok Taec Yeon විසින් Jung Jun Woo ලෙසත් රංගනයෙන් දායකවන අතර Dong Yeon , Kim Sung Cheol, Kim Yeo Jin, Kim Yoon Hye, Im Chul Soo ඇතුළු පිරිස විසින් සෙසු චරිත සඳහා දායක වේ.
වෙනස් අද්දැකීමක් වෙනුවෙන් නරඹන්න 'වින්සෙන්සෝ'
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....
-සචිනි ඉමල්ෂා-



Keep it up!
ReplyDeleteWell done
ReplyDeleteKeep it up
ReplyDeleteIt's very interesting article
ReplyDeletewell done
ReplyDelete❤️
ReplyDelete😍❤
ReplyDeleteGood Job ❤
ReplyDeleteAwws.😍❤️❤️❤️
ReplyDeleteGreat 😍
ReplyDeleteVincenzo 🔥🔥 being mysterious is everything
ReplyDelete💜💜💜
ReplyDeleteinteresting post
ReplyDelete