Tuesday, June 20, 2023

The King's Affection 👑


තම හැඟීම් සඟවාගෙන පුරුෂ වෙස්ගෙන රාජ්‍යයේ වගකීම් දරන ඇය...

      රාජ්‍යයේ කිරුළ හිමි කුමරිය විසින් නිවුන් දරුවන් බිහිකරන අතර එය අසුබ නිමිත්තක් වශයෙන් සළකයි. එබැවින් ගැහැනු දරුවා මරා දැමීමට තීරණය කරන අතර කුමරියගේ ඉල්ලීම මත ගැහැනු දරුවාව රහසේ මාළිගයෙන් පිට කිරීමට හැකිවේ. වසර කිහිපයකට පසු ඇය නැවතත් සේවිකාවක ලෙසින් මාළිගයට පැමිණේ. එහිදී ඇයගේ නිවුන් සොහොයුරාවන වර්ථමාන කිරුළ හිමි කුමරුට ඇයව හමුවේ. දෙදෙනාගේ සමාන පෙනුම හේතුවෙන් ඇයව කිරුළ හිමි කුමරු ලෙසින් තබා කුමරු මාළිගයෙන් පිටවී යයි. ඒ අවස්ථාවේදී වැරදි වටහා ගැනීමක ප්‍රථිපලයක් ලෙස කුමරුගේ ජීවිතය අහිමි වේ. මෙය දැනගත් ඔවුන්ගේ මව විසින් ගැහැනු දරුවාව කිරුළ හිමි කුමරු ලෙසින් හදාවඩා ගැනීමට තීරණය කරයි. එබැවින් ඇයට මෙතෙක් කලක් ගෙවූ ජීවිතය අතහැර කිරුළ හිමි කුමරු ලෙසින් පුරුෂ ජීවිතයකට ඇතුළු වීමට සිදුවේ.

ඇයට කොපමණ කාලයක් තම රහස රැකගැනීමට හැකිවේවි ද?

නැවතත් ඇය ඉදිරියට එන ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඔහු කෙරෙහි ඇතිවන හැඟීම්වලට කුමක් සිදුවේවිද?

කාන්තාවක් වන ඇය තම විවාහයට කෙසේ මුහුණ දේවිද?

රාජ්‍යයේ වගකීම් සහ බලඅරගල හමුවේ ඇගේ රහස හෙළිවේවිද?


          2021 වර්ෂයේ KBS සහ Netflix හරහා විකාශය වූ මෙම ටෙලිසිත්තම කොටස් 20කින් සමන්විත වේ. මෙය Song Hyun Wookගේ අධ්‍යක්ෂණයක් වන අතර Historical , Romance සහ Fiction ගණයට අයත් වේ. 

      Park Eun Bin විසින් කිරුහිමි කුමරු ලෙසත් Ro Woon විසින් Jung Ji Woon ලෙසත් Choi Byung Chan විසින් Kim Ga On ලෙසත් Nam Yoon Su විසින් Lee Hyun ලෙසත් Jung Chae Yeon විසින් Noh Ha Kyung ලෙසත් රංගනයෙන් එකතුවේ.

තම හැඟීම් සහ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන රාජ්‍යයේ ඉහළම වගකීම දරන ඇයගේ ඉරණම කෙසේ විසඳේවි ද?

තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ...

                                       -සචිනි ඉමල්ෂා- 

13 comments:

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...