Tuesday, June 13, 2023

Extraordinary Attorney Woo 🐬🐋


         වූ යොන්ග් වූ ඔටිසම් ආබාධයෙන් පෙළෙන අතර ඇයව පියා විසින් තනිව හදාවඩා ගෙන ඇත. ඔටිසම් තත්වය නිසා ඇයට විශිෂ්ට මතකයක් හිමිවී ඇති අතර ඇයට ඉහළින්ම තම උපාධිය සම්පූර්ණ කිරීමට හැකිවේ. එහෙන් සමාජය සමඟ සන්නිවේදනය කිරීමේදී ඇය තුළින් ගැටලුකාරී හැසිරීම් දක්නට ලැබෙයි. ඇය තල්මසුන් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන අතර ඒ පිළිබඳ ඇයට ඇති දැනුම ඇයට හමුවන ඕනෑම අයෙකු සමඟ පැවසීමට මැළි නොවෙයි. ඇයගේ අසලින් සිටිමින් ඇයව ආරක්ෂා කරන හිතෛෂී මිතුරියක් සිටින අතර මිතුරිය නිසා පාසල් කාලයේදී සිදුවූ හිරිහැරවලින් බේරී සිටීමට ඇයට හැකි විය. මිතුරිය අසළ සිටින විට ඇය විනෝදකාමී සහ සුවපහසු ලෙස හැසිරේ.
     
                    

                    

    වූ යොන්ග් වූ නවක නීතීඥවරියක් බවට පත්වූවත් ඇගේ ඔටිසම් තත්වය නිසා ආයතන මගින් ඇයව බඳවා ගැනීමට අකමැත්තක් දක්වයි. ඇගේ පියාගේද උපකාර මත ඇයව හන්බඩ නීති ආයතනයට බඳවා ගන්නා අතර ඇගේ ප්‍රධානියා මුලින් ම ඈ කෙරෙහි අවිශ්වාසයෙන් පසුවේ. එහෙත් ඇය කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් විශිෂ්ට ලෙස නඩු විභාග තුළ කටයුතු කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වේ. ඇයගේ සහයට එක්වන ජූන් හෝ ඇයට වඩාත් සමීපවන අතර ඇය මුහුණ දෙන සමාජ, සන්නිවේදන ගැටලුවලදී ඇයගේ අසලින් ම රැදෙයි. ඇය විසින් සාර්ථක ලෙස විසඳන නඩු කටයුතු රැසක් ම ටෙලිමාලාව තුළ දිග හැරෙයි. විවාහයේදී මංගල ඇඳුමක් ගිලිහී යාම සම්බන්ධ නඩුව, ඔටිසම් රෝගී තරුණයෙකුගේ මියයාමට ඔහුගේ වැඩිමහල් සොහොයුරාට චෝදනා එල්ලවීමේ නඩුව, sodeok dong ගම්වැසියන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට යාමෙන් පීඩාවට පත්වන නඩුව, සහෝදරයන් තිදෙනාගේ දේපළ බෙදාගැනීමේ නඩුව වැනි ආකර්ෂණීය නඩු රැසක් ම ඇය විශිෂ්ට ලෙස හසුරවයි. සංවේදී වෙනස් තේමාවක් ඔස්සේ දිගහැරෙන කතා මාලාව ඔබත් ආදරයෙන් නරඹන්න.
   

    2022 වර්ෂයේ ENA සහ Netflix හරහා විකාශය වූ මෙම කතාමාලාව කොටස් 16ක් සහිතයි. Yoo In Shikගේ අධ්‍යක්ෂණයක් වන මෙය legal drama යටතට අයත් වේ. මෙය Beaksung Art Awardsහි Grand Prize සහ Best Director සම්මාන දිනාගැනීමට සමත්විය.
       Park Eun Bin විසින් Woo Young Woo ලෙසත් Kang Tae Oh විසින් Joon Ho ලෙසත් රංගනයෙන් දායකවන අතර Kang Ki Young, Ha Yoon Kyung, Joon Hyun Young, Joon Jung Hyuk, Jin Kyung අනෙකුත් චරිත සඳහා රංගනයෙන් එකතු වේ.

තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....
                                                                    -සචිනි ඉමල්ෂා- 

10 comments:

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...