ලී ෂින් නම් කාන්තාව විසින් අහඹු ලෙස තෝරාගත් 10 දෙනෙක්ව දින 365ක් එනම් අවුරුද්දක් අතීතයට රැගෙන යනු ලබයි. ඇය සමඟ අවුරුද්දක් අතීතයට යන හැමෝටම ඔවුන්ගේ ඉරණම වෙනස් කරගන්න පුළුවන් .
ඒ විදිහට අතීතයට යන එක් අයෙක් තමයි ජී හියුන් ජූ. ඔහු පොලිස් පරීක්ෂකයෙක්. ඔහු අතීතයට යන්නෙ අපරාධකාරයෙක් අතින් මරණයට පත්වුණ හොදම මිතුරාගේ ජීවිතය බේරාගන්න. ඒ වගේ ම ජනප්රිය වෙබ්ටූන් කතුවරියක්වන ශින් ගා හියුන් අතීතයට යන්නේ ඇයව රෝදපුටුවකට සීමා කළ රිය අනතුර වළක්වා ගන්න. ඉතින් මේ විදිහට මේ 10 දෙනාම අතීතයට යන්නෙ විවිධ අරමුණු වෙනුවෙන්. ඒත් නොහිතන විදිහට මෙහෙම අතීතයට ආපු අය එක්කෙනා ගානේ අභිරහස් ආකාරයට මිය යන්න පටන්ගන්නවා. මේ විදිහට තමයි කතාව ආරම්භ වෙන්නෙ. මේ මරණවල සැකය විවිධ අවස්ථාවලදී මේ හැමෝම වෙත එල්ලවනවා. සැකය කුතුහලය එක්ක නැරඹිය හැකි වෙනස් ආකාරයේ ටෙලිසිත්තමක් තමයි 365 Repeat the Year.
2020 වසරේ MBC නාලිකාව ඔස්සේ විකාශය වූ මෙය Kim Kyung Heeගේ අධ්යක්ෂණයක්. කොටස් 24ක් සහිත වන අතර Mystery, Thriller හා Fantasy ගණයට අයත් වේ. Lee Joon Hyuk විසින් Ji Hyung Joo ලෙසත් Nam Ji Hyun විසින් Shin Ga Hyun ලෙසත් Kim Ji Soo විසින් Lee Shin ලෙසත් රංගනයෙන් එකතුවන අතර, Lee Si a, Kim Ha Kyung, Ryeoun, Yang Dong Geun, Lee Sung Wook, Do Hee විසින් සෙසු චරිත රඟදක්වනු ලබයි.
අමතක නොකර නරඹන්න. ඔබට වෙනස් අද්දැකීමක් ලබා දෙන ටෙලිසිත්තමක් වේවි.
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු....
-සචිනි ඉමල්ෂා-
Keep it up!✨️❤
ReplyDeleteThankyou🌼
Delete💜💜💜
ReplyDeleteThankyou🌼
Delete❤😍
ReplyDeleteThankyou🌼
DeleteIf we can fix the past, everyone could be happy and we can write an amazing life story
ReplyDeleteThankyou🌼
Delete😍🤟💓
ReplyDeleteThankyou🌼
Delete❤️
ReplyDeleteThankyou🌼
DeleteGood post
ReplyDeleteThankyou🌼
DeleteWow 😍
ReplyDeleteThankyou 🌼
Delete❤️
ReplyDelete😍
Delete❤️❤️
ReplyDelete😍
Delete