ණය බරෙන් පීඩිතව සිටින Gi Hun හට උමං දුම් රිය මාර් ගයේදී මුණගැසෙන ආගන්තුකයෙක් විසින් වොන් බිලියන ගණනක මුදලක් දිනා ගැනීමට හැකි ක්රීඩාවක් සඳහා ඇරයුම් කරනු ලබයි. ණය බරින් හෙම්බත් වී සිටින ඔහු මේ අපූරු අවස්ථාව ලබා ගන්නා අතර ඔහු ඇතුළු තවත් තරඟකරුවන් 456ක් මේ ක්රීඩාවට සහබාගී වේ. සැබෑ ලෝකයෙන් සැඟවී සිදු කරන මෙම ක්රීඩාව සිතූ තරම් සුන්දර නොමැති බව පළමු තරඟයෙන් ම තරඟකරුවන් විසින් වටහාගනු ලබයි. තම ජීවිතය බිල්ලට තබමින් සිදු කරන මෙම ක්රීඩා සඳහා සහභාගීවන පිරිස ක්රමයෙන් තම ජීවිතවලින් වන්දි ගෙවන්නේ ක්රීඩාවේ ඇති භයානකකම පෙන්වමින්. Gi Hun උපක්රමශීලීව ක්රීඩාවේ ඉදිරියට ගමන් කරන අතර මිත්රත්වය, විශ්වාසය, අවංකකම, පාවාදීම්, ආත්මාර් ථකාමීත්වය වැනි මිනිසාගේ සැබෑ ස්වරූපය පෙන්වමින් කතාව ඉදිරියට ගලා යයි.
Netflix හරහා 2021 වසරේ විකාශය කළ Squid Game කොරියානු ප්රේක්ෂකයන් පමණක් නොව ලෝකය පුරාම ප්රේක්ෂකයන් වැළඳගත් ටෙලිසිත්තමකි. කොටස් නවයකින් යුක්ත කතාංගය Hwang Dong Hyukගේ අධ්යක්ෂණයකි. Netflixහි වැඩිම නැරඹුම් සහිත කතාමාලාව බවට පත්වීමට හැකිවූ මෙම කතා මාලාව රටවල් ගණනාවකම නැරඹුම් වාර් තා තුළ පළමු තැනට පත් වීමට සමත් විය. Thriller, Horror, Action යටතට අයත්වන කතාමාලාව තුළ Lee Jung Jae, Ho Yeon Jung, Gong Yoo, Wi Ha Joon, Lee Yoo Mi, Park Hae Soo, O Yeong Su රංගනයෙන් දායක වේ.
වසර ගණනාවක් ප්රතික්ෂේප වූ කතා තේමාවක් වුව ද අවසානයේ ලෝකයම වැළඳගත් Squid Game ඔබට වෙනස් ම රසයක් ලබා දෙනු ඇත.
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....
- සචිනි ඉමල්ෂා-


👍👍
ReplyDelete❤
ReplyDelete❤️
ReplyDeleteSuperb
ReplyDelete❤❤
ReplyDelete♥️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️
ReplyDelete💜💜💜
ReplyDelete