Monday, May 29, 2023

Autumn in My Heart 🍁





 

             Eun Seo සහ Joon Seo ධනවත් පවුලක අයියා සහ නංගී ලෙස දැඩි ලෙන්ගතුකමකින් යුතුව හැදී වැඩෙන අතර ඔවුන් යොවුන් වියට එළඹී සිටින අවස්ථාවකදී නැගනිය වන Eun Seo අනතුරකට මුහුණ දෙයි. එහිදී ඇයව රෝහල් ගත කළ අවස්තාවේ දී ඇය ඇගේ දෙමාපියන්ගේ ජීවවිද්‍යාත්මක දරුවා නොවන බව හෙළි වේ. ඔවුන්ගේ ජීවවිද්‍යාත්ම දරුවා අවන්හලක් පවත්වාගෙන යන කාන්තාවකගේ දරුවා ලෙසින් හැදී වැඩෙන අතර දරුවන් දෙදෙනා සත්‍ය දැනගත් පසු Eun Seo සැබෑ මව වෙතට යන අතර අනෙක් දරුවා සහ Joon Seo සමඟ පවුල විදේශ ගත වේ. තරුණ වියට එළඹීමත් සමඟ ඔවුන්ගේ නැවත හමුවීම, ඔවුන් අතර සිදුවී ඇති වෙනස්කම්, ආදරය, හිමිවීම්, අහිමිවීම් ඔස්සේ කතාව ගලාගෙන යයි. කතාවේ සංවේදී අවසානයත් සමඟින්  ප්‍රේක්ෂකයා හට අමතක නොවන රූපවාහිනී අද්දැකීමක් හිමිවේ. 




             Autumn in My Heart  කොරියානු ටෙලි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ නොමැකෙන සටහන් තැබූ නිර් මාණයකි. 2000 වසරේ KBS නාලිකාව ඔස්සේ විකාශය වූ  මෙම ටෙලි සිත්තම Yoon Seok Hoගේ අධ්‍යක්ෂණයකි. මිනිත්තු 60ක කොටස් 16ක් පුරා දිවයන කතාව Melodrama සහ Romance යටතට අයත් වේ. මෙම ටෙලි සිත්තම කොරියාව තුළ මෙන් ම කොරියාවෙන් පිටත ද කොරියානු ටෙලිනාට්‍ය රැල්ලක් ඇති කිරීමට දායක වූ නිර් මාණයකි. 

         Song Hye Kyo විසින් Eun seo ලෙසත් Song Seung Heon විසින් Joon Seo  ලෙසත් Won Bin විසින් Han  Tae Seok ලෙසත් රංගනයෙන් දායක වේ. මෙම ටෙලිසිත්තම Baeksang සහ KSB සම්මාන උළෙලවල් තුළ හොඳම සහ ජනප්‍රිය සම්මාන හිමි කර ගැනීමට සමත් විය.

සංවේදී ආදරණීය ඔබේ හදවතත්  සරත් සෘතුවේ ආදරණීය ම ටෙලිසිත්තමට විවර කරන්න

තවත් ටෙලි සිත්තමකින් හමුවෙමු ...


                                                                                        -සචිනි ඉමල්ෂා-🖋

17 comments:

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...