Moon Lovers 🌙
තරු දහසක් මැද
සඳ නොමැතිව
අඳුරු වූ අහසට
පෑයූ සඳවතිය ...
හැම තරුවකට ම
ආදරය ඉගැන්වූ
සඳවතිය ...
අහසට
හිනාවෙන්න ඉගැන්වූ
සඳවතිය ...
සැමට රහසින්
අහසටත් නොකියා
බැසගිය
සඳවතිය ...
නැවත පායනතුරු
බලාහිඳිමි
සඳවතිය ...
-සචිනි ඉමල්ෂා-
Moon Lovers 🌙
තරු දහසක් මැද
සඳ නොමැතිව
අඳුරු වූ අහසට
පෑයූ සඳවතිය ...
හැම තරුවකට ම
ආදරය ඉගැන්වූ
සඳවතිය ...
අහසට
හිනාවෙන්න ඉගැන්වූ
සඳවතිය ...
සැමට රහසින්
අහසටත් නොකියා
බැසගිය
සඳවතිය ...
නැවත පායනතුරු
බලාහිඳිමි
සඳවතිය ...
-සචිනි ඉමල්ෂා-
රාජ්‍යයේ කිරුළ හිමි කුමරිය විසින් නිවුන් දරුවන් බිහිකරන අතර එය අසුබ නිමිත්තක් වශයෙන් සළකයි. එබැවින් ගැහැනු දරුවා මරා දැමීමට තීරණය කරන අතර කුමරියගේ ඉල්ලීම මත ගැහැනු දරුවාව රහසේ මාළිගයෙන් පිට කිරීමට හැකිවේ. වසර කිහිපයකට පසු ඇය නැවතත් සේවිකාවක ලෙසින් මාළිගයට පැමිණේ. එහිදී ඇයගේ නිවුන් සොහොයුරාවන වර්ථමාන කිරුළ හිමි කුමරුට ඇයව හමුවේ. දෙදෙනාගේ සමාන පෙනුම හේතුවෙන් ඇයව කිරුළ හිමි කුමරු ලෙසින් තබා කුමරු මාළිගයෙන් පිටවී යයි. ඒ අවස්ථාවේදී වැරදි වටහා ගැනීමක ප්‍රථිපලයක් ලෙස කුමරුගේ ජීවිතය අහිමි වේ. මෙය දැනගත් ඔවුන්ගේ මව විසින් ගැහැනු දරුවාව කිරුළ හිමි කුමරු ලෙසින් හදාවඩා ගැනීමට තීරණය කරයි. එබැවින් ඇයට මෙතෙක් කලක් ගෙවූ ජීවිතය අතහැර කිරුළ හිමි කුමරු ලෙසින් පුරුෂ ජීවිතයකට ඇතුළු වීමට සිදුවේ.
ඇයට කොපමණ කාලයක් තම රහස රැකගැනීමට හැකිවේවි ද?
නැවතත් ඇය ඉදිරියට එන ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඔහු කෙරෙහි ඇතිවන හැඟීම්වලට කුමක් සිදුවේවිද?
කාන්තාවක් වන ඇය තම විවාහයට කෙසේ මුහුණ දේවිද?
රාජ්‍යයේ වගකීම් සහ බලඅරගල හමුවේ ඇගේ රහස හෙළිවේවිද?
2021 වර්ෂයේ KBS සහ Netflix හරහා විකාශය වූ මෙම ටෙලිසිත්තම කොටස් 20කින් සමන්විත වේ. මෙය Song Hyun Wookගේ අධ්‍යක්ෂණයක් වන අතර Historical , Romance සහ Fiction ගණයට අයත් වේ.
Park Eun Bin විසින් කිරුහිමි කුමරු ලෙසත් Ro Woon විසින් Jung Ji Woon ලෙසත් Choi Byung Chan විසින් Kim Ga On ලෙසත් Nam Yoon Su විසින් Lee Hyun ලෙසත් Jung Chae Yeon විසින් Noh Ha Kyung ලෙසත් රංගනයෙන් එකතුවේ.
තම හැඟීම් සහ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන රාජ්‍යයේ ඉහළම වගකීම දරන ඇයගේ ඉරණම කෙසේ විසඳේවි ද?
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ...
-සචිනි ඉමල්ෂා-
තම පවුල ඝාතනය කිරීමට වරදකාරිය වී පලා යන ඇය...
මින් ජේයිගේ විවාහයට දින කිහිපයක් තිබියදී ඇගේ මුළු පවුලම ඝාතනයට ලක් වේ. තම පවුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඇය ඇයගේ විශ්වාසවන්ත මිතුරියගේ උපකාර ඇතිව පලා යන අතර තම පියාගේ අවසාන ඉල්ලීම අනුව රාජ්‍යයේ කිරුළ හිමි ලී හ්වන් කුමරු වෙත පැමිණේ. කුමරු විසින් මින් පෙර සිටි කිරුළ හිමි කුමරු හෙවත් තම වැඩිමහල් සොහොයුරාව ඝාතනය කළ බවට මාළිගාව පුරා කාලයක සිට කටකතා පවතින අතර ශාපයක් සහිත අද්භූත ලිපියක් හේතුවෙන් කුමරු පීඩාවෙන් කාලය ගතකරයි. ලිපියේ අභිරහස විසඳීමට මින්ජේයී භාරගන්නා අතර ඇය තම නිර්දෝශී බව ඔප්පු කිරීමට කුමරුගේ සහය ඉල්ලන අතර නපුංසකයෙක් ලෙසින් කුමරු අසළ රැඳීමට අවසර ඉල්ලයි. ඇය කෙරෙහි එතරම් විශ්වාසයකින් පසු නොවුණත් කුමරු ඇයට තමා අසළ රැඳීමට ඉඩ ලබා දෙයි.
ලිපියේ අභිරහස විසඳීමට මින් ජේයී හට හැකි වේවි ද?
මාළිගයේ බල අරගල හමුවේ කිරුළ හිමි කුමරුගේ ඉරණම කෙසේ විසඳේවි ද?
සැබවින්ම මින් ජේයීගේ පවුල ඝාතනය කළේ කවුද?
ඇයව විවාහා කර ගැනීමට සිටි ඔහු නපුංසකයෙකු ලෙස සැරසී සිටින ඇයව හඳුනාගනීවි ද?
ඇගේ සහ කිරුළ හිමි කුමරුගේ දෛවය ලියැවී ඇත්තේ කෙසේද ?
2023 වර්ෂයේ TvN හරහා විකාශය වූ Our Blooming Youth ටෙලිකතා මාලාව කොටස් 20කින් සමන්විත වේ. මෙය Lee Jong Jaeගේ අධ්‍යක්ෂණයක් වන අතර Historical, Mystery හා Romance ගණයට අයත් වේ. Park Hyun Sik විසින් Lee Hwan ලෙසත් Jeon So Nee විසින් Min Jae Yi ලෙසත් Pyo Ye Jin විසින් Jang Ga Ram ලෙසත් Yun Joon Seok විසින් Han Sung Oh ලෙසත් Lee Tae Sun විසින් Kim Myung Jin ලෙසත් රංගනයෙන් දායකවන අතර Lee Jong Hyuk, Hong Soo Hyun, Jung Da Eun, Jung Woong In, Heo Won Seo සෙසු චරිත සඳහා රංගනයෙන් එකතුවේ.
Hope (소원) 2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...