පාසල් කාලයේ තමාට හිරිහැර කළ ඇය ඇතුළු මිතුරන්ගෙන් පළිගැනීම තම ජීවිතයේ ප්රධාන අරමුණ කරගත් ඈ....
Moon Dong Eun හට පාසල් කාලයේදී Yeon Jin හා ඇගේ මිතුරන් විසින් හිරිහැර කරන අතර Moon Dong Eun වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. ඇයගේ මව හෝ පාසල ඇගේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. මේ අමිහිරි පාසල් අද්දැකීම් ඇගේ සිතේ මෙන් ම ශරීරයේ ද මතක සටහන් ඉතිරි කරන අතර යොන් ජින් සහ ඇගේ මිතුරන්ගෙන් පළිගැනීම ඇගේ ජීවිතයේ එක ම අරමුණ කරගනියි.
කාලයත් සමඟ ඇය තම පළිගැනීම වෙනුවෙන් ජීවිතය ම වැය කරන අතර Yeon Jin හා මිතුරන් තමන් පාසල් කාලය තුළ සිදුකළ දේ පිළිබඳ කිසිඳු පසුතැවීමකින් තොරව සැපවත් ජීවිත ගත කරයි. Moon Dong Eun කාලයක් තිස්සේ සැළසුම් කළ පළිගැනීම ඇය ක්රමයෙන් ක්රියාත්මක කරන අතර පළිගැනීම, පාවාදීම්, මිත්රත්වය මැද කතාව ගලාගෙන යයි. මොහොතින් මොහොත වෙනස් වන මිනිස් සිතුවිලිවල ස්වභාවය, ධනය බලය නිසා සාධාරණය යටපත්වන ආකාරය, කුතුහලය සමඟින් පළිගැනීමේ අවසානය දැනගැනීමට අමතක නොකර The Glory නරඹන්න.
The Glory කොරියානු කතා මාලාව Ahn Gil Ho ගේ අධ්යක්ෂණයක්වන අතර 2022 වසරේ පළමු කතාමාලාවත් 2023 වසරේ දෙවන කතා මාලාවත් Netflix හරහා විකාශය විය. සම්පූර්ණ කොටස් 16කින් සමන්විත කතා මාලාව Ravenge සහ Triller යටතට අයත් වේ.
Song Hey Kyo විසින් Moon Dong Eun ලෙසත් Lim Ji Yeon විසින් Park Yeon Jin ලෙසත් Lee Do Hyun විසින් Joo Yeo Jeong ලෙසත් රංගනයෙන් දායකවන අතර, Cha Joo Young, Jung Sung Il, Park Sung Hoon, Kim Hieora සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වේ. 2023 වර්ෂයේ පැවැත්වූ 59වන Baeksang සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ හොඳම සහය නිළිය සම්මාන මේ සඳහා හිමිවිය.
එසේ නම් පළිගැනීම ජීවිතයේ අරමුණ කරගත් ඇගේ කතාව ඔබත් අමතක නොකර රසවිදින්න.
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ....
-සචිනි ඉමල්ෂා-







